ඇල්පිටිය තැපැල් ඡන්දයට සියල්ල සූදානම්

ලබන ඔක්තෝම්බර් මස 11 වෙනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද විමසීම මෙම මස 27 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම දිනයේදී තැපැල් ජන්ද ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වන අයවළුන් සඳහා ලබන ඔක්තෝම්බර් මස 04 වෙනිදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිය තැපැල් ජන්දය භාවිත කර හැකි බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

තැපැල් ජන්දයට අදාළ සුදුසුකම් ලැබූ ජන්ද හිමියන්ගේ තැපැල් ජන්ද පත්‍රිකා තැපෑලට භාර දීම හෙට (21) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතයි. ඒ හේතුවෙන් හෙට දිනයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා පුර්ණ ආරක්ෂාවක් ලබාදීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට පොලිස් මුලස්ථානයෙන් අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.

තැපැල් ජන්ද පත්‍රිකා භාරදීම සිදුකරනු ලබන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇත. එමෙන්ම තැපැල් ජන්දය ප්‍රකාශයට පත් කරන දිනය දක්වාම ප්‍රදේශයේ පොලිස් ජංගම සංචාර සහ පොලිස් යතුරුපැදි ආරක්ෂාව යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර සිටින්නේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න