> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අද සිට විවෘත වෙන කටුනායක ඉලෙක්ට්‍රොණික ගේට්ටු
- URL: https://www.citizen.lk/electronic-gates-at-the-arrivals-terminal-at-katunayake-airport/
- Published: 2026-01-28T05:19:54.000Z
- Updated: 2026-01-28T05:20:30.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

January 28 (Citizen.lk News) - කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොණික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එහි ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු පැවසුවේ, ඉලෙක්ට්‍රොණික ගේට්ටු හතරක් මෙලෙස විවෘත වන බවයි.

ජපාන රජයේ අධාර මත මෙම “ඊ ගේට්” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර අති බව සඳහන් වනවා.

මෙමඟින් ගුවන් තොටුපලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ හැකියාව පවතින බවඳ ප්‍රධාන ආගමන විගමන නිලධාරි ජූඩ් ප්‍රනාන්දු සඳහන් කර සිටියා.