> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අප්‍රේල් පළමුවැනිදා සිට විදුලිය ගාස්තු ඉහළට
- URL: https://www.citizen.lk/electricity-rates-to-increase-from-april-1st/
- Published: 2026-03-30T10:15:41.000Z
- Updated: 2026-03-30T10:16:04.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 30 (Citizen.lk News) - පවතින විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා විදුලි ගාස්තු වැඩිවන ආකාරය පහතින්.

- ඒකක 30 ට අඩු - 4.3% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 15 යි)
- ඒකක 31 සිට 60 - 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 45 යි)
- ඒකක 61 සිට 90 - 6.9% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 120 යි)
- ඒකක 91 සිට 180 - 7.2% කින් ඉහළට (මාසික වැඩිවීම රුපියල් 420 යි)
- 180 ට වැඩි - 25% කින් ඉහළට.

මීට අමතරව මාසික ඒකක පරිභෝජනය ඒකක 180 ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමෙන අතර, ඒකක 180 ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ද, කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7%කින් ද, රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1%කින් ද ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.