> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අවුරුදු උත්සව සඳහා දින 5කට විදුලිබල මණ්ඩලයෙන් විදුලිය
- URL: https://www.citizen.lk/electricity-board-to-provide-electricity-for-5-days-for-new-year-celebrations/
- Published: 2026-04-07T10:44:57.000Z
- Updated: 2026-04-07T10:45:19.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

April 07 (Citizen.lk News) - සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කෙරෙන විදුලිය ලබා දීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරනවා.

එසේම විදුලි බල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා දී ඇති අතර ඒ අනුව එළැඹෙන 15 වැනිදා සිට 19 වැනිදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබා ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කරනවා.