> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ''AI යුගයේ වැඩෙන දරුවන් සඳහා අධ්‍යාපනය” යන මැයෙන් ජුලි 02 වෙනිදාට විශේෂ සාකඡාවක්
- URL: https://www.citizen.lk/education-for-children-growing-up-in-the-ai-era/
- Published: 2026-06-28T12:02:44.000Z
- Updated: 2026-06-29T08:39:57.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

June 28 (Citizen News) - කෘත්‍රිම බුද්ධිය (AI) මගින් දරුවන්ගේ අනාගතය රැඩිකල් ලෙස වෙනස් කරමින් පවතින වකවානුවක, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ. මහාචාර්ය රෝහාන් සමරජීව විසින් සංවිධානය කරනු ලබන **''Reset Now"** වැඩසටහන් මාලාවේ පළමු පියවර ලෙස, **යුගයේ වැඩෙන දරුවන් සඳහා අධ්‍යාපනය”** මැයෙන් විශේෂ සාකච්ඡාවක් 2026 ජූලි මස 02 වැනි දින කොළඹ හොටෙල් නිපොන් (Hotel Nippon) හිදී පැවැත්වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පාදක වන “ප්‍රමිති, සම්පත් සහ ආයතන” යන කුළුණු තුන පිළිබඳ සාකච්ඡා මාලාවක මූලාරම්භය මෙය වේ.

මෙම සාකච්ඡාවේ ප්‍රධාන තේමාව වන්නේ **“අධ්‍යාපන ප්‍රතිපත්ති ගැටළු අංක 01: දරුවන් ඉගෙන ගත යුත්තේ කුමක්ද? එය ඉගෙන ගත යුත්තේ කෙසේද?”** යන්නයි.

**වැඩසටහනට අදාළ විස්තර:**

- **ප්‍රධාන දේශකයින්: ආචාර්ය සුජාතා ගමගේ සහ ආචාර්ය ඩොනා වෝන්**
- **දිනය: 2026 ජූලි 02, බ්‍රහස්පතින්දා**
- **වේලාව: පස්වරු 4:00 සිට 6:00 දක්වා**
- **ස්ථානය: හොටෙල් නිපොන් (Hotel Nippon), කොළඹ**

මෙම උත්සාහය, දැනුම මත පදනම් වූ සහ සාක්ෂි සහිත අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැගීම අරමුණු කරයි. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා නායකත්වය දීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට කැමති ඕනෑම දේශපාලන සංවිධානයකට මෙන්ම පාර්ශ්වකරුවන්ට මෙම යෝජනා මාලාව ඉමහත් අත්වැලක් වනු ඇත. 

මෙම සාකච්ඡාව තුළින් සැකසෙන සියලුම ප්‍රතිපත්ති ලේඛන, ඒවා තවදුරටත් යථාර්ථවත් කිරීම සහ දියුණු කිරීම සඳහා මහජනතාවට විවෘතව තැබෙනු ඇත.