> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඊජිප්තුවට භූකම්පනයක්
- URL: https://www.citizen.lk/earthquake-hits-egypt/
- Published: 2026-08-03T10:28:15.000Z
- Updated: 2026-08-03T10:28:50.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විදෙස්

**August 03 (Citizen News)**  ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 5.47ක ගැඹුරකින් හටගෙන ඇත.

භූකම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඇතුළු නගර කිහිපයකට දැනී ඇති අතර ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.