> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කටුනායක ගුවන් තොටුපළේ E-Gate පද්ධතිය විවෘත වේ
- URL: https://www.citizen.lk/e-gate-system-opens-at-katunayake-airport/
- Published: 2026-01-29T08:17:58.000Z
- Updated: 2026-01-29T08:33:58.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

January 29 (Citizen.lk News) - කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control / E-Gate System) විවෘත කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (I.O.M.) විසින් ක්‍රියාත්මක කළ අතර මෙරට පළමු E-Gate පාලන පද්ධතියද වනවා.

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව, ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක වටිනාකමකින් ඉදි කළ මෙම ගේට්ටු පහසුකම යටතේ, බෝවන රෝග හඳුනා ගැනීම වැනි පහසුකම් ගණනාවක් ද ඇතුළත් අතර, මෙම පහසුකම යටතේ ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ද ඉහළ නැංවීමේ හැකියාව පවතින බව වාර්තා වනවා.

ඒ අනුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන්ට තත්පර 40 ක් වැනි කෙටි කාලයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිම කිරීමට හැකියාව පවතින බවද සඳහන් වනවා.