අධික සුළං තත්වය නිසා ප්‍රදේශ රැසක විදුලියට බාධා.

ඊයේ රාත්‍රියේ ප්‍රදේශ රැසක් හරහා හමාගිය තද සුළං තත්ත්වයත් සමඟ ගස් කඩාවැටීම හේතුවෙන් නිවාස රැසක විදුලිය ඇණහිට තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ දඹුල්ල, මාතලේ, වවුනියාව, නිකවැරටිය, පුත්තලම, දෙහිවල, නාරාහේන්පිට, මතුගම, හෝමාගම, අවිස්සාවේල්ල, කඩුවෙල, වැලිගම ඇතුලූ ප්‍රදේශ රැසක මෙලෙස විදුලිය බිඳවැටීම් වාර්තාවන බවයි.

කෙසේ වෙතත් එම ප්‍රදේශවල විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න