දෙහිවල සත්වෝද්‍යානයෙත් හෙරොයින්?

හෙරොයින් ග්‍රෑම් 683ක්, රුපියල් ලක්ෂ 20කට අධික මුදලක්, නවීන පිස්තෝලයක් හා මෝටර් රථයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ ලද තොරතුරක් මත ඊයේ (16) සිදුකළ වැටලීමකදී දෙහිවල දී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරු දෙහිවල සත්ව උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන අතර ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී දෙහිවල සත්ව උද්‍යානය තුළ තිබූ සැකකරුගේ කබඩ් එකක සඟවා තිබූ තවත් හෙරොයින් ග්‍රෑම් 400ක් සොයා ගෙන තිබෙනවා.

ඔහු සත්ව උද්‍යානය තුළ මෙලෙස හෙරොයින් සඟවා තබාගෙන ඒවා ජාවාරම් කරන බවට අනාවරණය වී තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න