> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම අධ්‍යාපනවේදිනිය ලෙස ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු සම්මාන ලබයි
- URL: https://www.citizen.lk/dr-hayesika-fernando-will-be-awarded-as-the-best-educator-of-the-year-at-the-calin-popular-awards-2026/
- Published: 2026-10-22T06:20:28.000Z
- Updated: 2026-10-22T06:20:28.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

October 22 (Citizen News) - ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 20ක අත්දැකීම් සහිත ප්‍රවීණ අධ්‍යාපනවේදිනියක වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කාන්තා අධ්‍යාපනවේදිනිය (Most Outstanding Female Educator of the Year 2026) ලෙස සම්මානයට පාත්‍ර වූවාය. මෙරට ප්‍රාථමික අධ්‍යාපනයේ උන්නතියට සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපනික හැකියා වර්ධනය කිරීමට ඇය දශක දෙකක් පුරා කළ කැප වීම ඇගැයීමට ලක් කරමින් මෙම සම්මානය පිරිනමා තිබේ. වසර 20ක ගුරු සේවා අත්දැකීම් සතු ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරු දැරියන් රැසකට අධ්‍යාපන මඟ පෙන්වීම සපයා ඇත. ඇය මේ වන විට කොළඹ 03, මීගමුව සහ කටාන යන ප්‍රදේශවල පිහිටි Queen’s Education Institute ආයතනය හරහා අධ්‍යාපන වැඩසටහන් පවත්වයි. ඇයගේ සුවිශේෂ ඉගැන්වීම් වැඩසටහන වන ‘ශිෂ්‍යත්වයට මම සූදානම්’ දරුවන්ගේ විෂය දැනුම, විභාග කුසලතා සහ ආත්ම විශ්වාසය ක්‍රමානුකූලව වර්ධනය කිරීම අරමුණු කර ගත් අධ්‍යාපන වැඩසටහනකි. දෙවැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා දරුවන් වෙනුවෙන් සැළැසුම් කර ඇති මෙම වැඩසටහනට න්‍යායාත්මක පාඩම්, විෂයානුබද්ධ අභ්‍යාස, ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ සවිස්තරාත්මක සාකච්ඡා ඇතුළත් වේ. ශිෂ්‍යත්ව විභාගයේ පළමු සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් දරුවන්ගේ අවබෝධය හා පිළිතුරු සැපැයීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ඉලක්කගත පුහුණු සැසිද පවත්වනු ලැබේ.  
ඇයගේ ඉගැන්වීම් ක්‍රමවේදයේ තවත් සුවිශේෂ අංගයක් වන්නේ සිංහල භාෂා කුසලතා සංවර්ධනයට දෙන ප්‍රමුඛතාවයි. මාස දහයක කාලයක් පුරා ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාකරණ වැඩසටහන ඔස්සේ තුන්වැනි ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා විෂය නිර්දේශයට අදාළ වචන මාලාව, සමානාර්ථ පද, විරුද්ධාර්ථ පද, රූඪි, ප්‍රස්තාව පිරුළු සහ රචනා ලිවීම ඇතුළු භාෂා කුසලතා රැසක් ආවරණය කෙරේ. පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සඳහාද ඇය විශේෂ අවධානයක් යොමු කරයි. ප්‍රාථමික විෂය නිර්දේශයට අයත් ප්‍රධාන මාතෘකා 16ක් ආවරණය කරමින් අධ්‍යාපන වීඩියෝ, ප්‍රායෝගික පැහැදිලි කිරීම්, සටහන් සකස් කිරීමේ ක්‍රියාකාරකම් සහ පසුගිය විභාග ප්‍රශ්න ඇසුරෙන් සකස් කළ අභ්‍යාස මඟින් දරුවන්ට විෂය කරුණු පහසුවෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සළසා තිබේ. නවීන තාක්ෂණය අධ්‍යාපනයට එක් කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇති ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය සජීවී මාර්ගගත පන්ති සහ පටිගත කළ පාඩම් ඔස්සේද දරුවන්ට අධ්‍යාපන පහසුකම් සළසා දෙයි. එමඟින් තමන්ට පහසු වේලාවක පාඩම් නැවත අධ්‍යයනය කිරීමටත්, අපහසු විෂය කරුණු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමටත් සිසුන්ට අවස්ථාව හිමි වේ. විභාග ජයග්‍රහණයට පමණක් සීමා නොවී දරුවන්ගේ මූලික දැනුම ශක්තිමත් කිරීම, ස්වාධීනව ඉගැනීමේ හැකියාව වර්ධනය කිරීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම ඇයගේ අධ්‍යාපන දැක්මේ ප්‍රධාන අරමුණු වේ. ක්‍රමානුකූල ඉගැන්වීම් ක්‍රම, අඛණ්ඩ ඇගැයීම් සහ දරුවන්ගේ අවශ්‍යතාවලට ගැළැපෙන මඟ පෙන්වීම තුළින් ඉගැනීමේ දුෂ්කරතා මඟ හරවා ගනිමින් ඔවුන් සාර්ථක අධ්‍යාපන ගමනකට යොමු කිරීමට ඇය කටයුතු කරයි. Calin Popular Awards 2026 සම්මාන උළෙලේදී හිමි වූ මෙම සුවිශේෂ ඇගැයීම ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය මෙරට ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයට දශක දෙකක් පුරා දුන් දායකත්වය අගය කිරීමකි. දැනුමෙන්, කුසලතාවෙන් සහ ආත්ම විශ්වාසයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිව ඇය තව දුරටත් ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපන දියුණුව වෙනුවෙන් කැප වී කටයුතු කරයි.