ඉන්දීය සුපිරි පිතිකරුවාට සති 03 ක විවේකයක්.

0
79

ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට සති 3ක කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබෙනවා.

ඒ, ඔහු ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරඟයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

නෙදන් කෝල්ටර් නීල් යොමු කළ පන්දුවක් අතෙහි වැදීමෙන් ශිකර් දවාන් මෙම ආබාධයට ලක් වුණේ පිතිකරණයේ නිරතව සිටින අතරතුරදීයි.

එම ඉනිමේ දී ඔහු ශතකයක් ද වාර්තා කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

කෙසේ වෙතත් ආබාධය හේතුවෙන් එම තරඟයේදී පන්දු රැකීම සඳහා පිටියට පිවිසීමෙන් ශිකර් දවාන් වැළකී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here