“නෝ බ්‍රා ඩේ” ලංකාවෙත් සමරනවා ද?

https://www.thesun.co.uk/fabulous/7351672/national-no-bra-day-2019-what-is-it-why/

සෑම වසරකම October 13 කියන්නේ “No Bra Day”. ඉතින් එදාට කාන්තාවන් මගතොටේ, කොහේ ගියත්, තමන් නිතර අඳින බ්‍රා එක නොමැතිවයි යන්නේ. මේක බටහිර රටවල් වල ඉහලින්ම සමරන දවසක්. ඉතින් අපේ ට්වීපාවියන්ටද පුලුවන් බ්‍රා එකක් නොඇඳ ලස්සන ෆොටෝ එකක් ගහලා දාලා මේ රැල්ල ලංකාවටත් ගේන්න.

ඇත්තටම නෝ බ්‍රා ඩේ එකෙන් අදහස් වෙන්න කුමක්ද කියල අපි හොයල බැලුව. ජාත්‍යන්තර පියයුරු පිලිකා පිළිබඳ දැනුවත් බව ඇති කිරීම සඳහා වන මාසය වන ඔක්තෝබර් මාසයේ මැද මේ දිනය සමරනු ලබයි. මෙම දිනය සමරනු ලබන්නේ කාන්තාවන්ට නිතර බ්‍රා එකට ඇතුලෙන් තිබෙන තම පියයුරු අල්ලා බලා සහ කැඩපතකින් බලා තමන්ට යම් පියයුරු පිලිකා අවදානමක් තිබේ ද යන්න සොයා බැලීම සඳහා වන සමාජ අවධානය දිනාගැනීමේ අරමුණින්.

මේ සඳහා වන උපදෙස් ද ලබා දී ඇති අතර මෙම දිනය සැමරීම තුල මෙම උපදෙස් සමාජ ගත වනු ඇත. එමෙන්ම පියයුරු පිලිකා අවධානම ඇත්තේ කාන්තාවන්ට පමණක් නොවේ. පිරිමින්ට ද එවැනි අවදානමක් නැතුවා නොවේ. එමෙන්ම මවක්, බිරිඳක් හෝ දියණියක් සිටින ඕනෑම පිරිමියෙකු ද පියයුරු පිලිකා ගැන දැන සිටීම අවැඩක් නොවේ. එබැවින් ඔබත් මේ ගැන දැනුවත් කරන අතර මෙම ප්‍රවෘත්තිය ඔබේ මිතුරුන් අතර share කර ඔවුන්ව ද දැනුවත් කරන්න

පියයුරු පිලිකා අවදානම පරික්ෂා කරන අයුරු.

මේ පුවත ෆේස්බුක් ඔස්සේ share කිරීමට ද twitter ඔස්සේ retweet කිරීමට ද අමතක නොකරන්න.

ඔබේ සරල බෙදාහැරීම කෙනෙකුගේ ජීවිතයක් බේරා ගනු ඇත.

#NoBraDay

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න