> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 42 ක් රෝහල්ගත කෙරේ
- URL: https://www.citizen.lk/diytlaaveedii-bs-rthyk-prpaatyktt-perlliimen-42-k-roohlgt-keree/
- Published: 2026-06-27T05:03:34.000Z
- Updated: 2026-06-27T05:03:59.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

June 27 (Citizen News) - කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථයක් අද (27) අලුයම දියතලාව දුම්රිය ස්ථානය අසලදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් මගීන් 42 ක් පමණ තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 42 ක් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත්,ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

බරපතල තුවාල ලැබූ එක් රෝගියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර අනතුරට හේතුව රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමක් බවට සැක කරන අතර ඒ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

![](https://www.citizen.lk/content/images/2026/06/WhatsApp-Image-2026-06-27-at-10.29.31-AM-1.jpeg)

![](https://www.citizen.lk/content/images/2026/06/WhatsApp-Image-2026-06-27-at-10.29.32-AM-1.jpeg)