මුස්ලිම් මැති ඇමතිවරු හා අගමැති අතර සාකච්ඡාවක්.

0
21

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි සංශෝධනයට ලක්විය යුතු කරුණු ඇතුළත් යෝජනාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් මැති ඇමතිවරු අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද පස්වරු 4.00 ට අරලිය ගහ මන්දිරයේ දි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

කරුණු 11කින් සමන්විතව මුස්ලිම් මන්ත්‍රීවරුන් විසින් මේ වන විට සකස් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කිරිමෙන් පසු එය පනත් කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුරුව එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට කටයුතු කරන බව ඒ.එච්.එම්.ෆවුසි මහතා පැවසුවා.

එම කටයුතු සදහා යෝජනාවලිය අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත ඉදිරි දින කිහිපය තුළ භාරදීමට සැලසුම් කර ඇති බව ද මන්ත්‍රීවරයා සදහන් කළා.