දිමුත්ගේ නායකත්ව ඉනිම ලංකාවට ජය ගෙනදේ.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය ගන්න ශ්‍රී ලංකා කණ්ඩයම අද සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 268ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 168ක් ලබාගත්තා.

මේ අතර නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී තම 9 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ද දිමුත් කරුණාරත්න සමත්වුණා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟයකදී සිව්වන ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ලද ජයග්‍රහණයක්.