දිල්රුක්ෂි ඩයස් ගේ ප්‍රතිචාරය සහ විනය පරීක්ෂණය

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ඇය සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර ඇතිවූ දුරකථන සංවාදය සම්බන්ධයෙන්.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මෙම දුරකථන සංවාදයේදී පවසා සිටියේ දේශපාලන අවශ්‍යතා මත ඇවන්ගාඞ් සමාගමට නඩු දැමීම පිළිබඳ තමන් කණගාටු වන බවයි.

මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කර සිටියේ ආයතන සංග්‍රහයේ විධි විධාන අනුව සොලිසිටර් ජෙනරාල්වරිය ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නීතිපතිවරයා ලබන සඳුදා ලිපියක් යොමු කිරීමට නියමිත බවයි.

මෙම දුරකථන සංවාදය පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් පවසන්නේ, රාජ්‍ය සේවකයෙකු වශයෙන් මෙම දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවයි. මෙම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මෙහි මුලු සංවාදයම නිදහස් කරන ලෙස ඇය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න