වසරේ හොඳම ඩිජිටල් ඒජන්සිය ලෙසින් Digital Content (Pvt) Ltd සම්මානයට පාත්‍ර වෙයි

0
277

වසරක් පාසා ඩිජිටල් විශිෂ්ටත්වය සඳහා පිදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන උළෙල වන SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම ඩිජිටල් ඒජන්සිය ලෙසින් Digital Content (Pvt) Ltd ඊයේ (11) රාත්‍රීයේ කොළඹ ගලදාරී හෝටලයේදී සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම මෙම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම ඩිජිටල් ඒජන්සියට හිමි සමස්ත සම්මානය ද Digital Content (Pvt) Ltd හට හිමි වීම විශේෂත්වයක්.

එමෙන්ම ඩිජිටල්කරණය වූ හොඳම ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වන අංශයේ දෙවන ස්ථානය හා හොඳම ප්‍රජා බලගැන්වීමේ වැසටහන සඳහා වන අංශයේ තෙවන ස්ථානය හිමි කරගැනීමටද මෙහිදී Digital Content (Pvt) Ltd සමත් වුණා.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ටෙලිිකොම් හි ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු සම්බාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here