අමුතු අරමුණකින් ලන්ඩනයේ අවමංගල්‍ය පෙරහැරක්

පා-පැදි සහ පා ගමනින් යාමට වැඩි ඉඩක් ඉල්ලා ලන්ඩනයට සිය ගණනක් පා-පැදි කරුවන් එක්ව විරෝධතාවක් පවත්වා ඇත. අශ්වයින් විසින් අදින පැරණි තාලයේ අවමංගල්‍ය රථයක් සහ මිනී පෙට්ටියක් පෙරටු කරගත් ඔවුන් පා-පැදි සහ පාගමන් සඳහා ලන්ඩනය තුල වැඩි ඉඩක් වෙන් වන ව්‍යපෘති වලට වැඩියෙන් මුදල් යොදවන ලෙස ඉල්ලා සිටියි.

2016 වසරේ 100කට අධික පා-පැදි කරුවන් මියගොස් 3,400ක් පමණ තුවාල ලබා ඇත.

ඔවුන් මෙම මිනි පෙට්ටියෙන් සහ අවමංගල්‍ය රථයෙන් රථ වාහන නිසා පෘථිවියේ මානව සංහතියේ අවසානය ළඟ බව ද සංකේතවත් කරයි.

ඔවුන් මෙම උද්ගෝෂණය මහා භාණ්ඩාගාරය තෙක් පාගමනක් ලෙස රැගෙන යාමට උත්සහ කළහ.

නමුත් පොලිසිය ඔවුන්ට ඒ ආසන්න වෙනත් චතුරශ්‍රයක් වෙන් කර දුනි. ඊට හේතුව ඒ වන විටත් භාණ්ඩාගාර ගොඩනැගිල්ල පිහිටි ඩවුනින් වීදියේම පිහිටි අගමැති මන්දිරය ඉදිරියේ ආණ්ඩු විරෝධී උද්ගෝෂණයක් පැවැත්වෙමින් පවතී නිසා වේ.

කෙසේ වෙතත් යුරෝපයේ ඉක්මනින්ම පොසිල ඉන්ධන වාහන භාවිතයෙන් ඉවත්ව යාමට නියමිතයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න