“ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව හා පාස්පෝට් කාර්යාල කියන්නේ ලංකාවේ ලොකුම හොර ගුහාවන් දෙකක්.” – වජිර අබේවර්ධන

0
261

ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව හා පාස්පෝට් කාර්යාල කියන දෙකම ලංකාවේ ලොකුම හොර ගුහාවන් දෙක බවත් එය භාර ඇමතිවරයා තමා බවත් තමා ඇමතිව සිටියත් නැතත් එම දෙපාර්තමේන්තු ඒ ආකාරයෙන්ම ඉදිරියට යන බවත් ස්දේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

15 දින ගාල්ල ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසුවා.

“ජාතික හැදුනුම්පත් දෙපාර්ථමේන්තුව කියන්නේ ලංකාවේ ප්‍රධාන ම හොර ගුහාව. පාස්පෝට් කාර්යාලය ලංකාවේ ලොකුම හොර ගුහාවක්, රෙජිස්ටාර් ජෙනරල් දෙපාර්තමේන්තුව ට කිසිම රාජ්‍ය නායකයෙක් ඒකට ගිහිල්ලා නෑ. පසුගිය කාලයේ උත්සාහ කරා උප්පතියේ දීම හැදුම්පත් අංකය දෙන්න වැඩ සටහනක් හදන්න.

ඕන කල්ලතෝනියෙකුට යාපනය පැත්තෙන් බෝට්ටුවකින් ආවම උප්පැන්නයක්, පාස්පෝට් එකක් හැදුනුම්පත්ක් හදාගන්න පුළුවන්. එහෙම රට් මේක. මේ රට තියන එක පුදුමයි. මම උත්සාහ කරනවා මේ කොල පුජාව නවත්වන්න මගේ අමාත්‍යංශයට කෝටි බිලියන 40 ක් ඉල්ලුවා. මොකටද? හරි හැදුනුම්පතක් හදන්න. අපි ඒ හදන හැදුනුම්පත අරන් ගිහාම පාස්පොට් එක ගන්න පුළුවන් වෙන්න ඕන, වාහන පදවන්න පුළුවන් නම් ලයිසන් එක ගන්න පුළුවන් වෙන්න ඕන. මේ හොර වැඩ නවත්වන්න ඒ වගේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර යුතුයි.

දැන් මේ වෙලාවෙත් මගේ වාහනයේ තියනවා උප්පැන්නයක්. කවුද? මාකදුරේ මදුෂ් පලවෙනි උප්පැන්නය ලියන්නේ ගම්පහින්. හොර බැහැයි ඇත්ත. එයාගේ ජාතික හැදුනුම්පත දෙපාර්තමේන්තුවෙන්මයි ගන්නේ. හොර . හැබැයි ඇත්ත. ඊට පස්සේ පාස් පෝට් එක අරගෙන හොර එකක්. හැබැයි ඇත්ත. අපේ ජනගහනයට සංචාරයකයින් ගාන ඇතුලත් කරත් එන්නේ ලක්ෂ 400 ක් ඒ ගාන මේන්ටේන් කරගන්න පුළුවන් තාක්ෂණයක් අපිට තියනවා. මේ බිලියන 40 මට දුන්නා නම් වසරකින් මම ඒ මුදල මහා භාන්ඩාගාරයට නැවත දෙන්නම් කියලා මම අගමැතිවරයාට කිව්වා. මගෙන් ඇහුවා කොහොම ද කියලා. දැන් බලන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වසර තුනකට බිලියන 100 ක් හොරකම් කරනවා. ඒ කරේ මුස්ලිම් ජාතිකයෙක්. ඔහු රටින් පැන්නා. පැන්ෂන් දෙපාර්තමේන්තුවේ පාඩුව මිලියන 500 යි. මේ තැන් වල හොරකම් නැවැත්තුවා නම් මේ වැඩේ කරා. ඊට පස්සේ කොල පුජාව අවශ්‍ය නෑ.”

“ඒ වගේම වෙසක් මාසයේ සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන්න කියලා මම ඉල්ලලවා. කුලියාපිටියේ හා ගම්පහ සිදු වු සිදුවීම් ඉතා අවාසනාවන්ත සිදුවීම ඒවා හානිකර සිදුවීම් අනවශ්‍ය අන්තවාදී වැඩ මේවා. අද සමහර රජයේ සේවකයොත් සමාජ ඡාලා වලින් මාව මෙහොමඩ් වජිර කරලා. බෞද්ධයෙක් නමක් දාන එකට මම කැමතියි. මේ මොහොමඩ් වජිර ඉන්න නිසා ගාල්ල පාලනය කරන් ඉන්නවා. මොහොමඩ් මොහොමඩ් මෙතනට ආපු දවසට බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. අපේ සිංහල බෞද්ධයෝ කුලල් කාගන්නවා. ඒෆ්.සී.අයි.ඩී යන්නේ සිංහල අය මුස්ලිම් , දෙමල අය යන්නේ නෑ. ආන්ඩුවක් මාරුවුනාමත් සිංහල අය දෙකට බෙදිලා ගහගන්නවා. මුස්ලිම් අය ගහගන්නවද? අපේ අය තමයි මේ දෙපැත්ත බෙදිලා ගහගන්නේ. අපි මේ වෙසක් ජාතික උත්සවය පවත්වනාවා මයි. අපි ඒ සැරසිලි කරනවා. අපි ජනපති අගමැති ගේ ප්‍රධානත්වයෙන් තොටගමුවේ දී වෙසක් සතිය අපි පවත්වනවා.”

“දැන් කියනවා වජිර ගාල්ලේ පල්ලි පරීක්ෂා කරන්න දුන්නේ නෑ කියලා. මම 21 දිනම තමයි කිව්වේ පල්ලි පරීක්ෂා කරන්න කියලා. මොකද මම දන්නවා වැඩිම හානිය තියෙන්නේ මට කියලා. මොකද මේ මොහොමඩ් වජිර ඉන්නක් වෙන මොහොමඩ් කෙනෙකුට එන්න බැරි නිසා. ඒ නිසා අද සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕන කාලයක් මේක.”