> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සාම්ප්‍රදායික තැපැල් සේවය අවසන්
- URL: https://www.citizen.lk/denmark-has-stopped-traditional-postal-service/
- Published: 2026-01-01T08:34:12.000Z
- Updated: 2026-01-01T08:34:12.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

ඩිජිටල් සන්නිවේදනය හමුවේ සාම්ප්‍රදායික තැපැල් භාවිතය අවම වීම හේතුවෙන් ඩෙන්මාර්කය 2025 වසර අවසානයේ සිට රට පුරා තැපැල් සේවාව අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා.

වසර 400ක් පැරණි ඩෙන්මාර්කයේ ජාතික තැපැල් සේවය වන 'PostNord' එරට තුළ තැපැල් ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නවතා තිබෙන අතර ඒ වෙනුවට එරට තුළ අන්තර්ජාලය හරහා පාර්සල් සේවා බෙදාහැරීම් වැඩිදියුණු කර සිය ආයතනයේ ලාභ උපරිම කරගැනීමට ඔවුන් සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව ඩෙන්මාර්කය පොදු ලිපි බෙදාහැරීම සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ප්‍රධාන රට වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.