දකුණේ ඩෙංගු හිස ඔසවයි.

දකුණු පළාත තුළ ඩෙංගු රෝගින්ගේ වැඩි වීමක් දකින්න ලැබෙන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසනවා.

ඒ අනුව වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ඔහු සඳහන් කළා.

මෙම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා දකුණු පළාත තුල සියලු ක්ෂේත්‍ර වල ඩෙංගු වැලැක්වීමේ ක්‍රියාදාමයන් සිදු කරන බවත් ඒ අනුව යම් අඩු වීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් එළඹෙන 4වනදා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවද වෛද්‍යවරයා පැවසුවා.

එමෙන්ම ඩෙංගු රෝගී තත්ත්වය හැරුණු විට වෙත් කිසිදු රෝගී තත්ත්වයක් දකුණු පළාත තුල දක්නට නොමැති බවද ඒ වෛද්‍ය විජේසුරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.