සජිත් – රනිල් – කරූ හමුව ප්‍රමාද වේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසුරිය අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාව ප්‍රමාද වී ඇරඹීමට නියමිතයි.

අග්‍රමාත්‍ය නිල නිවසේදී ඉදිරිපිට රැදි සිටින අප වාර්තාකරුවන් සදහන් කළේ උත්සවයකට සහභාගී වී සිටින සජිත් ප්‍රේමදාස තවමත් අග්‍රමාත්‍ය නිල නිවසට නොපැමිණි බවයි.

දිවයිනේ සංචාරයක නිරත සෞදි රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් සමඟ අග්‍රාමාත්‍යවරයා පවත්වන සාකච්ඡාවකින් පසු රාත්‍රී 9 ට පමණ සජිත් – රනිල් – කරූ හමුව සිදුවීමට නියමිත බව අප වාර්තාකරුවන් සදහන් කළා.