> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# තරගයට එක්වීමට තීරණය කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුවයි - පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය
- URL: https://www.citizen.lk/decision-to-join-the-competition-was-made-following-a-telephone-conversation-with-the-sri-lankan-president-pakistan-interior-minister/
- Published: 2026-02-17T06:08:55.000Z
- Updated: 2026-02-17T06:09:19.000Z
- Author: Deepali Jayasundara
- Tags: කෙළිබිම, දෙස්

February 17 (Citizen.lk News) - මෙරටට පැමිණි පාකිස්තානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Syed Mohsin Raza Naqvi, විදේශගත පාකිස්තානු ජාතිකයන් සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Chaudhry Salik Hussain ඇතුළු නියෝජිත පිරිස ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පිළිගෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළ අතර, දිට්වා සුළි කුණාටුව ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව අසීරුතාවට මුහුණ දුන් සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවට පාකිස්තානය ලබා දුන් සහාය ද ජනාධිපතිවරයා කෘතවේදීව අගය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තරගයට එක් වීමට තීරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව බව අමාත්‍ය Syed Mohsin Raza Naqvi මෙහිදී සඳහන් කළ අතර, ඒ පිළිබඳ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය කෘතඥතාව ද පළ කර තිබෙන බව වාර්තා වනවා.