ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව පිත්ත අතට ගනී.

0
9

අද තරඟයේදී සුරංග ලක්මාල් වෙනුවට කසුන් රාජිත සහ ජීවන් මෙන්ඩිස් වෙනුවට මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා. ඒ Chester-le-Street ක්‍රීඩාංගණයේදී.

කාසියේ වාසිය දිනා ගත කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 3 ක් සිදු කර තිබෙනවා.

නුවන් ප්‍රදීප් වෙනුවට පෙර තරගයේ ක්‍රීඩා කළ සුරංග ලක්මාල් ඉවත් කර අලුතින් සංචිතයට කැඳවන ලද කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබෙනවා. ජීවන් මෙන්ඩිස් වෙනුවට මිලින්ද සිරිවර්ධනට අවස්ථාව ලැබී තිබෙනවා.

තිසර පෙරේරාට ද අද තරඟයේ අවස්ථාවක් ලැබිලා නෑ. ඒ වෙනුවට ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවා තිබෙනවා.