වයඹ පාසල්වල සහ රාජ්‍ය ආයතනවල කටයුතු යළි ඇරඹෙයි.

0
60

පළාතේ සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද (15) දිනයේ යලි ආරම්භ කෙරෙන බව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සියලු රාජ්‍ය ආයතනවල කටයුතු ද සුපුරුදු පරිදි අද සිට යලි ආරම්භ වන බවයි.

පසුගියදා ඇති වූ නොසන්සුන්කාරි තත්වයන් හේතුවෙන් වයඹ පළාත සඳහා දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණා.

කෙසේ වෙතත් ඊයේ (14) පස්වරු 04.00 සිට පස්වරු 06.00 දක්වා පැය දෙකක කාලයක් පනවා තිබූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමට පොලිසිය කටයුතු කළා.

යළි ඊයේ පස්වරු 06.00 සිට වයඹ පළාත සදහා ඇදිරි නීතිය පැනවීමට පොලිසිය කටයුතු කළ අතර එය අද උදෑසන 06.00න් ඉවත් කෙරුණා.

එම නිසා වයඹ පළාත තුළ ජන ජිවිතය සුපුරුදු පරිදි පවත්වාගෙන යන ලෙස ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා ඉල්ලීමක් කරනවා.

මේ අතර දිවයිනේ සියලු පළාත් සඳහා ඊයේ රාත්‍රී 09.00 සිට පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00න් අවසන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here