> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# චරිත් අබේසිංහ සජබෙන් එළියට
- URL: https://www.citizen.lk/crit-abeesinh-sjben-elliytt/
- Published: 2026-06-26T09:21:38.000Z
- Updated: 2026-06-26T09:21:58.000Z
- Author: Deepali Jayasundara
- Tags: දේශපාලන

June 26 (Citizen News) - රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගය (SJB) අද (ජූනි 26) තීරණය කර තිබෙනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පැහැදිලි කරන්නේ, 2023 දී සිදු වූ බව කියන අල්ලස් සිද්ධිය ඇති වූ අවස්ථාවේ අබේසිංහ සමගි ජන බලවේගයහි සාමාජිකයෙකු, සංවිධායකයෙකු හෝ නිලධාරියෙකු ලෙස කටයුතු නොකළ බවයි.

එසේම දූෂණ හෝ නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කිසි විටෙකත් තම පක්ෂය විරුද්ධ නොවන බවද අවධාරණය කර තිබෙනවා.