සාග් ක්‍රීඩා උළෙලේ දී ක්‍රිකට් වලින් ලෝක වාර්තාවක්

13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙල අද(2) දවසේදීත් අති සාර්ථකව පැවැත්වුනා. එහි විශේෂත්වය වනුයේ කාන්තා ක්‍රිකට් ලෝක වාර්තාවක් බිහි වීමයි.

ඒ මාලදිවයින සහ නේපාලය අතර පැවැති තරඟය අතරතුරය. මේ නව ලෝක වාර්තාව බිහිකළේ නේපාල කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්ජලී චන්ද් ක්‍රීඩිකාවයි.

ඇය මාලදිවයින සහ නේපාලය අතර පැවැති කාන්තා පන්දුවාර විස්සයි විස්ස තරඟයේදී ලකුණු බින්දුවකට කඩුලු 6ක් දවා ගත්තා. එය සටහන් වූයේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ වාර්තා වු හොඳම පන්දු යැවීම ලෙසයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න