අනුරාධපුර මහ නගර සභාවට අධිකරණයෙන් නියෝගයක්.

0
225

අනුරාධපුර මහ නගර සභාව මගින් කීරික්කුලම කසළ අංගනයට කැලි කසළ බැහැර කරනු ලබන්නේ මහජන සෞඛ්‍යයට අහිතරක අන්දමින් බවට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මහ නගර සභාවට සහ නැගෙනහිර නුවර ගම් පළාතේ ප්‍රාදේශීය සභාවට නියෝග කර තිබුණේ මහජනයාට පීඩාවක් ඇති වන අයුරින් සහ මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් මෙම කසළ අංගනයට කැලි කසළ බැහැර කිරීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසයි.

කීරික්කුලම කසළ අංගනයේ සහ ඒ අවට තැන තැන දමා ඇති කැලි කසළ එම ස්ථාන වලින් වාහාම ඉවත් කර ගන්නා ලෙසටත් ජල පෝෂක ප්‍රදේශ වලට සිදු වන හානිය වලක්වා ගත යුතු බවටත් තවදුරටත් නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය්‍යට හානි වන කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වලකින ලෙසටද වග උත්තරකරුවන්ට නියෝග කළා.

මෙම කසල අංගනයේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය නම් කසළ අංගනය සදහා මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත් යුතු බවටත් මාස හයක් ඇතුලත කසළ අංගනය මධ්‍යම පරිසර අධිකාරියේ නිර්නායකයන් වලට අනුව විධිමත් අකාරයෙන් සකස් කර ගත යුතු බවටද නියෝග කරනු තිබුණා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ කීරික්කුලම ශ්‍රි බෝධිරාජ ධර්මාලංකාර විහාරාධිපති පීනගම සද්ධාජීව හිමියන් සමඟ කීරික්කතුලම පදිංචිකරුවන් විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එහි ලේකම්වරයා අනුරාධපුර නගරාධිපතිවරයා එහි ලේකම්වරයා අනුරාධපුර නගාරික කොමසාරිස්වරයා උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා.

පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා සදහන් කළේ අනුරාධපුර කීරික්කුලම ප්‍රදේශයේ පිහිටි ප්‍රශ්න ගත කසළ අගංනය පවත්වා ගෙන යාමට වගඋත්තරකරුවන් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගෙන නොමැති බවයි.

එසේ පරිසර ආරක්ෂණ බලපත්‍රයක් නොමැතිව පවත්වා ගෙන යන මෙම කසල අංගනය පිහිටි බිම් කඩ ප්‍රදේශයේ උසම තැනිතලා බිම බවත් ඒ හේතුවෙන් වර්ෂාව පැමිණි වාහාම කුනු කසල වලින් බැහැර වන දියරයන් කීරික්කුලම ගම්වැසියන් තම දෛනික කාර්යයන් සදහා යොදා ගන්නා කීර්ක්කුලම වැවට ගලා යන බවත් නීතිඥවරයා පැවසුවා.

මෙම කසල අංගනය පවත්වා ගෙන යන බිම්කඩ පුරා විද්‍යා නටඹුන් පිහිටි ස්ථානයක් බවද නීතිඥ විජේරත්න මහතා අධිකරණයට දන්වා සිටියා.

කොම්පෝස්ට් අංගනයක් සහ සනීපාරක්ෂක කසළ අංගනයක් පවත්වා ගෙන යන බව පවසමින් මෙම කසල අංගනයට කැලි කසළ බැහැර කිරීම් සිදු කළ ද සනීපාරක්ෂක කසළ අංගනයක් පවත්වා ගෙන යාමේ ක්‍රම වේදයට මුළුමනින්ම පටහැනිව පරිසරයට ඉතාමත් හානි ලෙස අක්‍රමවත්ව හා අවිධිමත්ව නොදිරන කැලි කසළ විශාල වශයෙන් විවෘත පරිසරයේ ගොඩ ගසා ඇති බවද නීතිඥවරයා ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here