කසල කන්ටේනර් සඳහා වන තහනම් නියෝගය දීර්ඝ කෙරේ

එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කැළිකසල අඩංගු කන්ටේනර් දිවයිනේ වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තහනම් කරමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඔක්තෝම්බර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළා.

කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළද කලාපයේ රදවා ඇති එම කසළ කන්ටේනර්වල නියැදි සාම්පල ලබාගෙන රස පරීක්‍ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළේ. පරිසර යුක්ති කේන්‍ද්‍රය විසින් ගොණුකළ මීට අදාළ පෙත්සම අද කැදවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල එම නියෝගය නිකුත් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න