නෙළුම් කුළුණ ගැන හොයන්න කෝප් සූදානම්

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීම් සහ එහි ගණුදෙණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පවසනවා.

කෝප් කමිටුව අද රැස්වූ අවස්ථාවේදී එහි සියළු සාමාජිකයන්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බවයි කමිටු සභාපතිවරයා කියාසිටියේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට අදාළ දිනයන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න