> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පසුගිය වසර 05 තුළ කළ ගල් අඟුරු ආනයනයන් පිළිබඳ කෝප් කමිටුවෙන් විමර්ශනයක්
- URL: https://www.citizen.lk/cope-committee-investigates-coal-imports-made-in-the-past-5-years/
- Published: 2026-02-11T12:26:29.000Z
- Updated: 2026-02-11T12:27:10.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

February 11 Citizen.lk News) - කෝප් කමිටුව විසින් පසුගිය වසර පහ තුළ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කර ඇත්තේ විගණන වාර්තා ද පදනම් කර ගනිමින් එම විමර්ශනය සිදු කරන බවයි.

ගෙවුණු වසර 05 තුළ ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කළේ ද, ඒවා විනිවිද පෙනෙන අයුරින් සිදු කළේ ද යන්න මෙන්ම, ගල් අඟුරු ආනයනය සඳහා සම්බන්ධීකරණය සිදු කළේ කුමන පාර්ශ්ව ද යන්න එහිදී සොයා බැලීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.