තන්තිරිමලේදී බස් රථ දෙකකට වෙඩි තැබූ බවට පැමිණිල්ලක්. – (PHOTOS)

තන්තිරිමල පොලිස් වසමේ, බෝගොඩ සපත්තු පාලම අසලදී බස් රථ දෙකකට අද (16) අළුයම කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කළ බවට පැමිණිල්ලක් සෙට්ටිකුලම් පොලිසියට ලැබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මෙම බස් රථ දෙක පුත්තලමේ සිට මන්නාරම බලා ගමන් කරමින් තිබු බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති අතර බස් රථ දෙකට හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම පහරදිම සම්බන්ධයෙන් බස් රථ දෙකේ රියදුරන් විසින් සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න