🔴 BREAKING ස්විස් තානාපති නිලධාරිනියට රටින් පිටවීම තහනම් කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන තුරු පැහැරගැනීමට ලක්වූ බව පැවසෙන ස්විස් තානාපති නිලධාරිනියට රටින් පිටවීම අධිකරණය මීට ටික වේලාවකට පෙර තහනම් කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ නිලධාරිනියට නියෝග කළේ ලබන 9 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

මෙම නියෝගය ලබා දෙනු ලැබුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගෙන ගිය බවට කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) අධිකරණයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

තානාපති කාර්යාලය දෙවන නිලධාරියකු එම සිද්ධිය සම්බන්ධයෙන් ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

පැහැර ගැනීමට ලක්වූ බව කියන නිලධාරිනිය ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් යම් ලෙසකින් ඇය විදේශගත වුවහොත්, විදේශ ගමන් තහනමක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න