> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Citizen.lk වෙඩ් අඩවිය, TopWeb.LK හි 2026 මැයි මාසයේ හොඳම වෙබ් අඩවි අතරට
- URL: https://www.citizen.lk/citizen-lk-website-among-topweb-lks-best-websites-of-may-2026/
- Published: 2026-05-28T05:45:14.000Z
- Updated: 2026-05-28T05:52:20.000Z
- Author: Dhanu Kulathunga
- Tags: විශේෂාංග

May 28 (Citizen News) - DC Group (Digital Content (Pvt) Ltd ) ආයතනයට අනුබද්ධිත Citizen.lk වෙබ් අඩවිය, LK Domain Registry ආයතනය මඟින් මෙහෙයවන TopWeb.LK ඇගයීම් ක්‍රියාවලිය යටතේ 2026 මැයි මාසයේ හොඳම වෙබ් අඩවියක් ලෙස නිල වශයෙන් තේරී පත්වී ඇත.

තාක්ෂණික ප්‍රමිතීන්, පරිශීලක හිතකාමී බව සහ විශ්වසනීය අන්තර්ගතය යන නිර්ණායකයන් සපුරාලීම වෙනුවෙන් 2026 මැයි 22 දින මෙම සම්මානය ප්‍රදානය කෙරිණි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය හේතුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නිල වෙබ් අඩවි තරඟාවලිය වන BestWeb.LK 2026 හි ප්‍රධාන අදියර සඳහා Citizen.lk වෙබ් අඩවිය සෘජුවම සුදුසුකම් ලබා (Direct Qualification) ඇත.

![](https://www.citizen.lk/content/images/2026/05/citizen.lk_.png)