විමර්ශන සිද්ධීන් 6ක් සම්බන්ධයෙන් CIDයෙන් වාර්තාවක් කැඳවයි.

වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඒ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන්. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධියද මෙයට ඇතුළත්.

එමෙන්ම සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධින්වල විමර්ශන කඩිනම් කරන ලෙස නීතිපති පසුගියදා වැඩ බලන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබුණා.