බල්ලන්ට නම් තැබීම සිරබත් කන වරදක් වෙයි.

0
278

බල්ලෙකුට නමක් තැබීම සිරගෙයි තැපීමට හේතුවක් වෙන්න පුළුවන්ද? ඒත් මිනිසෙකුට එවැනි ඉරණමකට මුහුණ දීමට සිදු විය හැකි බව පෙන්වා දෙන කතාවක් චීනයෙන් වාර්තා වනවා. මේ අපූරු පුවත වාර්තා කර ඇත්තේ, චීනයේ පළ කෙරෙන ‘බේජිං නිව්ස්’ පුවත්පතයි.

බල්ලන් බෝ කරමින් එම සුරතල් සතුන් විකිණීම කරන චීන ජාතිකයෙක් නැගෙනහිර චීනයේ ‘අන්හුයි’ (Anhui) ප්‍රාන්තයේ කුඩා නගරයක ජීවත් වනවා. ‘බේජිං නිව්ස්’ එම තැනැත්තා හඳුන්වන්නේ “බෑන් මහත්මයා” යනුවෙනින්.

ඔහුට පසුගිය දා එම ප්‍රදේශය භාර පොලීසියෙන් කැඳවීමක් ලැබී තිබෙනවා. හේතුව ඔහු විසින් පළ කරන ලද්දක්. එම දැන්වීමේ අන්තර්ගතය මෙසේයි.

“මගේ ළඟ අලුත් බලු පැටවුන් දෙන්නෙක් ඉන්නවා. එක් කෙනෙක් ‘චෙන්ග්ගොන්’. දෙවෙනියා ‘ෂිගොන්’. (Chengguan and Xieguan)

එහෙත් එම ‘බලු නම්’ දෙක චීන සමාජය තුළ විශාල විවාදයකට හේතු වී තිබෙනවා. ඊට හේතුව එම බල්ලන්ට තබා ඇති නම්වලින් ‘ආණ්ඩුව’ සහ ‘සිවිල් සේවකයන්’ අදහස් වීමයි.

‘චෙන්ග්ගොන්’ (Chengguan) යන වචනය මගින් චීනයේ නාගරික ප්‍රදේශයන්හි බරපතළ නොවන අපරාධ පාලනය කරන නිලධාරීන් හැඳින්වෙනවා. ‘ෂිගොන්’ (Xieguan) යනු රථවාහන හැසිරවීමෙහි නිරත නිල නොවන ප්‍රජා සහායකයන් සඳහා යොදා ගනු ලබන වචනයක්.

සුරතල් බලු පැටවුන් බෝ කරමින් විකිණීමේ නිරත ‘බෑන් මහතා’ඉහත කී වචන යොදා ගනිමින් සිය බල්ලන් නම් කරනු ලැබ තිබෙන්නේ ඔහුගේ ‘විනෝදයට’ බව ‘බේජිං නිව්ස්’ පුවත්පත සඳහන් කරනවා.