ළමා මුහුණැති බෝම්බකරු

ජර්මනියේ කෙරන් ක්ලැරි, 2017 අත්අඩංගුවට පත්වන විට 13 හැවිරිදි යොවුන් පිරිමි ළමයෙකි. ඔහු පෙනුමෙන් බොහොම ලාමක පෙනුමක් තිබුණත් ඔහුගේ මනස අන්තවාදයෙන් දුෂ්‍ය වී තිබිණි.

ඇඩොල්ෆ් හිට්ලර් ඔහුගේ ලෝකයේ වීරයෙකි. කෙසේ වෙතත් ඔහුගේ අන්තවාදී අදහස්, අදහස් වලින් ඔබ්බට ගොස් තිබිණි. ඔහු නීති අංශ වල භාරයට පත්වීමට ප්‍රථම ඔහු පාසැල තුල වෙඩි තැබීමක් සිදු කරන බවට ද අනතුරු අඟවා තිබිණි.

කෙසේ වෙතත් ඔහු සතුව මීටර් 30ක විශ්කම්භයකින් යුතු වපසරියක් තුල හානියක් කළ හැකි බෝම්බයක් තිබී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පරිගණකයේ අන්තර්ජාල සෙවුම් අතීතය ද ඔහුගේ දරුණු අදහස් ගැන සාක්ෂි සැපයී ය. ඔහු විසින් මුස්ලිම්වරුන්ට සහ යුදෙව්වන්ට පහරදෙන අදහස් සහ සිද්ධීන් සහිත වීඩියෝ පට මෙන්ම පාසල් වල සිදු වූ වෙඩි තැබීම්, වෙනත් ප්‍රහාර ආදිය නිතර නරඹා ඇත.

ශිෂ්‍යයෙකු වූ බැවින් ඔහුට එරෙහිව නඩු විභාගයදී සාක්ෂි ඉතාමත් හොඳින් විමර්ශනය කරන ලදී. ඊට හේතුව ඔහුට අසාධාරණයක් නොවනු පිණිසයි.

අවසානයේ අධිකරණ විසින් ඔහුගේ වසර 5ක සිර දඬුවමක් නියම කර ඇත. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 16කි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න