> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# සිලෝන් එනර්ජි Energize 2026 සාර්ථකව පවත්වමින් ඇමරිකාවේ Delawareහි Apollo Energy ආයෝජන වෙබ් අඩවිය එළි දක්වයි
- URL: https://www.citizen.lk/ceylon-energy-hosts-energize-2026-and-launches-apollo-energy-delaware-usa-investment-platform/
- Published: 2026-07-28T04:16:00.000Z
- Updated: 2026-07-28T04:16:00.000Z
- Author: Dhanu Kulathunga
- Tags: ව්‍යාපාරික

**July 28 (Citizen News) -** ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදනය හා ජාත්‍යන්තර තාක්ෂණ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් තබමින් සිලෝන් එනර්ජි සමාගම Energize 2026 ජාත්‍යන්තර දැනුම් හුවමාරු සමුළුව සාර්ථකව සංවිධානය කළ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ Delaware ප්‍රාන්තයෙහි ස්ථාපිත Apollo Energy නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. Latest Industrial Developments in the Energy Sector තේමාව යටතේ පැවති මෙම සමුළුවට ලොව ප්‍රමුඛ බල ශක්ති තාක්ෂණ සමාගම් නියෝජනය කළ විශේෂඥයෝ, ඉංජිනේරුවෝ, ආයෝජකයෝ, ව්‍යාපාර නායකයෝ, මූල්‍ය ආයතන නියෝජිතයෝ හා බල ශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවෝ රැසක් එක් වූහ. නවීන බල ශක්ති පද්ධති, ස්මාර්ට් ග්‍රිඩ් තාක්ෂණය, සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ නවෝත්පාදන මෙන්ම ඩිජිටල් බල ශක්ති යටිතල පහසුකම් පිළිබඳව නවතම ගෝලීය ප්‍රවණතා මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම වැඩමුළුවට සිලෝන් එනර්ජි සමඟ ජාත්‍යන්තරව කටයුතු කරන Hubbell Power Systems, CTC Global, Aclara Technologies යන ප්‍රමුඛ සමාගම්වල විශේෂඥයන් සම්පත් දායකයන් ලෙස එක් වූ අතර අනාගත බල ශක්ති පද්ධති වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත හා තිරසාර ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණ විසඳුම් පිළිබඳ දැනුම බෙදා ගත්හ. සමුළුවේ විශේෂ අවස්ථාවක් වූයේ “Shaping the Future of Energy” මැයෙන් පැවති විද්වත් සංවාදයයි. එහිදී Fabio C. Faria, Julian Roteta, Dr. Timothy See Thoe, Jeff Butler, Hitesh Mundhada යන ජාත්‍යන්තර බල ශක්ති විශේෂඥයන් අනාගත බල ශක්ති පද්ධති, තාක්ෂණ නවෝත්පාදන, ගෝලීය ආයෝජන ප්‍රවණතා හා කර්මාන්තයේ ඉදිරි දිශානතිය පිළිබඳ අදහස් ඉදිරිපත් කළහ.

මෙම අවස්ථාවේදී සිලෝන් එනර්ජි සභාපති හා නිර්මාතෘ මධූ ප්‍රනාන්දු Apollo Energy, Delaware USA නව ආයෝජන වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීය. ශ්‍රී ලංකාව හා කළාපීය රටවල ක්‍රියාත්මක ඉහළ ප්‍රතිලාභ දෙන බල ශක්ති හා යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් සම්බන්ධ කරමින් විනිවිදභාවයෙන් යුතු ආයෝජන පරිසරයක් ගොඩ නැගීම මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වේ. පෞද්ගලික, ආයතනික හා ආයෝජන අරමුදල් ඇතුළු විවිධ මට්ටම්වල ආයෝජකයන්ට මෙම වෙබ් අඩවිය ඔස්සේ තිරසාර බල ශක්ති ව්‍යාපෘතිවලට ආයෝජනය කිරීමේ අවස්ථාව උදා වන අතර ව්‍යාපෘති සංවර්ධකයන් හා ආයෝජකයන් අතර පවතින පරතරය අවම කරමින් නව මූල්‍ය ප්‍රවාහ නිර්මාණය කිරීමට මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී මධූ ප්‍රනාන්දු මෙසේ පැවැසීය. “අපගේ සියලු වැඩසටහන් Lighting People’s Lives යන දැක්ම වටා ගොඩ නැගී තිබෙනවා. Apollo Energy හා Energize යන දෙකම දැනුම, නවෝත්පාදනය, සහයෝගීතාව හා නව අවස්ථා තුළින් බල ශක්ති ක්ෂේත්‍රය සවිබල ගැන්වීමට නිර්මාණය කළ වේදිකා දෙකක්.” Lighting People’s Lives යන දැක්මට අනුව ක්‍රියාත්මක වන සිලෝන් එනර්ජි ඉංජිනේරු විශිෂ්ටත්වය පමණක් නොව දැනුම, නවෝත්පාදනය හා තිරසාර ආයෝජන හරහා ශ්‍රී ලංකාවේ හා කළාපයේ බල ශක්ති පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක වෙමින් සිටී. Energize 2026 හා Apollo Energy දියත් කිරීම එම ගමන් මඟේ නව සන්ධිස්ථානයකි.