> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# තහනම් පිරමීඩ සමාගම් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
- URL: https://www.citizen.lk/central-bank-of-sri-lanka-issues-statement-on-banned-pyramid-schemes/
- Published: 2026-07-01T14:42:40.000Z
- Updated: 2026-07-01T14:44:30.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

​July 01 (Citizen News) - 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තියට අනුව, සංශෝධිත පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණයක් පවත්වා, “ඉන්ෆිනිටි රෝවර් (පුද්ගලික) සමාගම” තහනම් යෝජනා ක්‍රමයක නියැලී, මෙහෙයවා සහ ප්‍රවර්ධනය කර ඇති බවට මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තිය යටතේ පහත සඳහන් සමාගම් තහනම් යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බවටත් එලෙස තහනම් කර ඇති සහ එවැනි තහනම් යෝජනා ක්‍රමවලට සහභාගී වීමෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රවේශම් වන ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet/ Questnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd./ Netrrix
22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
23. SGO/sgomine.com
24. I.C.A.N. Advertising (Pvt) Ltd and its affiliates icanonlineadvertising.com/bannercuts.com/bannercuts.lk/bannercusts.net/bannercuts.org
25. Infinity Rover (Pvt) Ltd