කන්ජිපානි ඉම්රාන්ට ආහාර තුළ සඟවා ජංගම දුරකථන ලබාදීමේ තැත හසුවෙයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කන්ජිපානි ඉම්රාන් හට ජංගම දුරකථන දෙකක් ලබා දීමට තැත් කළ ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු 06 දෙනෙකු එම බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට බුස්ස බන්ධනාගාරයේ රඳවා තබා සිටින කන්ජිපානි ඉම්රාන් දැකීමට පැමිණි මෙම පිරිස ඔහුට ආහාර රැගෙන ආ බඳුන තුල මෙම ජංගම දුරකථන දෙක සහ චාජර් දෙක සඟවා තබා ඇත.

සිරකරුට එම ආහාර ලබා දීමට පෙර බන්ධනාගාර නිලධාරින් පරික්ෂා කරන අවස්ථාවේදී එම ජංගම දුරකථන දෙක සහ චාජර් දෙක සොයා ගෙන ඇති අතර එම ආහාර රැගෙන පැමිණි සැකකරුවන් 06 දෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි එහි නිලධාරියෙක් සඳහන් කලේ.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් 06 දෙනා පොලිසියට භාර දීමට නියමිතව ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න