හොරකම් කිරීමේ අලුත්ම ක්‍රමය: කැට් ඇන්ඩ් ඩෝග් හොරු

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ත්‍රිචි නගරයේ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළඳ සැලක් කොල්ල කා තිබෙනවා. එහිදී මංකොල්ලකරුවන් Cat and Dog මුහුණු පැළඳ වෙළඳසැලට ඇතුළුවී, ආරක්ෂකයන් 6 දෙනෙකුගේ අවධානයට ලක් නොවී මිනිත්තු 90ක කාලයක් වෙළඳ සැලේ රැඳී සිට පලා ගොස් තිබෙනවා.

ඔවුන් විසින් කෝටි 13ක රන් භාණ්ඩ සහ මුදල් මෙහිදී කොල්ල කා තිබේ. මෙහිදී තවත් කොල්ලකරුවෙකු පිටත සිටිමින් භාණ්ඩ රැගෙන යාමට උපකාර කර තිබේ. ඒ අනුව තිදෙනෙකු විසින් සංවිධානාත්මකව සිදු කළ මංකොල්ලයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදි වේ.

එමෙන්ම පොලිස් බල්ලන් යෙදවීම වැළැක්වීමට සොරුන් විසින් මිරිස් කුඩු ඉස ඇති බව ද බලධාරීන් සඳහන් කර ඇත.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න