අනුන්ගේ පහනින් එළිය බලන්න හදපු අය කොටු කරගන්න, “කෑෂ් වැගන්” වෙතින් අලුත් වැඩක්.

0
25

කැෂ්වැගන් ගැන.

කෑෂ්වැගන් යනු මුල්‍ය තාක්ෂණ (Fintech) සමාගමක් වන අතර එය ඩිජිටල් අවකාශයේ ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය ජනතාවට මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය සපයනවා. සිංගප්පූරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති කැෂ්වැගන් ආයතනය අග්නිදිග ආසියාවේ රටවල් 5 ක ක්‍රියාත්මක වනවා.

2017 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ කටයුතු ඇරඹු කෑෂ්වැගන් සමඟ මේ වන විට ණයහිමියන් සහ ණය ලබාදෙන හවුල්කරුවන් 145,000 ක් පමණ සම්බන්ධ වී ඇති අතර 510,000 කට වැඩි ණය ප්‍රමාණයත් ශ්‍රී ලංකාව තුල ලබා දී තිබෙනවා. කෑෂ්වැගන් සමාගම ශ්‍රී ලංකාවේ වෙළඳපල තුල මුල්‍ය තාක්ෂණ පුරෝගාමියෙක් වශයෙන් අභිමානයෙන් නැගීසිටින අතර අඩු ආදායම් සහිත පුද්ගලයින් සඳහා වේගවත් අන්තර්ජාල පාරිභෝගික මූල්‍ය සේවා හඳුන්වා දුන් පළමු ඩිජිටල් සමාගම මෙන්ම ශ්‍රී ලංකා ෆින්ටෙක් සංගමයේ සාමාජිකයෙකු වූ පළමු සමාගම ද වන්නේ කෑෂ්වැගන් සමාගමයි.

කෑෂ්වැගන් වංචනික ක්‍රියා හනුනාගෙන ඒවා පොලිසියට භාරදෙනු ලබයි.
Image result for thief arrested cartoon

කෑෂ්වැගන්හි නවතම තොරතුරු තාක්ෂණ පද්ධති මූලික කරගත් බුද්ධිමත් යාන්ත්‍ර මගින් වංචාකරුවන්ගේ අපරාධ උපක්‍රම හඳුනාගෙන ඒවා පොලිසිය වෙත බාර දීමයි.

තොරතුරු පද්ධති මගින් සැක සහිත අයදුම්කරුවන් හඳුනාගැනේ.
Image result for thief identified on system cartoon

මුල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ ජනප්‍රියතාව වැඩි වීමත් සමඟ අපරාධ වල නිරතවෙන්නන් වෙනත් අයගේ දත්ත භාවිතා කරමින් ණය මුදල් වලට අයදුම් කිරීමට උත්සහ කිරීම නිසා සාමන්‍ය ජනතාවගේ කිරිතියට හානි වීමක් සිදු වනවා.

කෘතීම බුද්ධිය, බුද්ධිමත් යාන්ත්‍ර සහ විශාල දත්ත මත පදනම් ව කෑෂ්වැගන් ආයතන නිර්මාණය කරන ලද නවීන ඩිජිටල් පද්ධතිය මඟින් අපරාධකරුවන් අනුගමනය කරන අයදුම්පත් පිරවීමේදී අනුගමනය කරන සැකකටයුතු හැසිරීම් හඳුනාගනු ලබනවා.

“අප සොයාගන්නා ලද සිද්දි ඉතාම බරපතලයි. මොකද ඔවුන් භාවිතා කරන්නේ වෙනත් පුද්ගලයන්ගේ දත්ත. එමගින් අදාළ පුද්ගලයාගේ කිර්තියට හානි සිදු විය හැකියි” – කෑෂ්වැගන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සමිල ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රකාශ කරනවා.

නොමගයවන්නන් සලකුණු කිරීම.
Related image

කෑෂ්වැගන් අයදුම්පත් සැකසීමේ ක්‍රියාවලයේදී අනාවරණය උනේ වංචනික අපරාධකරුවන් ඔවුන්ගේ නොවන වෙනත් පුද්ගලයන්ගේ සත්‍ය තොරතුරු සහ ලියකියවිලි ලබාදෙමින් සහ වෙනස් උපාංග සහ වෙනස් ප්‍රදේශ භාවිතා කරමින් කිහිපවරක් කෑෂ්වැගන් මුල්‍ය සේවාවෙන් ණය අයදුම් කිරීමට උත්සහ කර ඇති බවයි. ලබාගන්නා ලද ඩිජිටල් සලකුණු ඔස්සේ වංචනික අපරාධකරුවන්ගේ රටාවන් සොයා ගැනීමට සහ වංචා කළ අයගේ අනන්‍යතාවය සහ ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීමටත් කැෂ්වැගන් පද්ධතිය මගින් හැකියාව ලැබෙනවා. සයිබර් අපරාධ පොලිසිය සමඟ සමීප සහයෝගීතායෙන් කෑෂ්වැගන් විසින් වංචා නඩුවට ප්‍රභල සාක්ෂි ඉදිරිපත් කළා. නඩුවේ තොරතුරු ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමට නොදී ආරක්ෂා කර ඇති නමුත් වංචාකරුවන් හඳුනා ගැනීමට සහ චෝදනා ගොනු කිරීම සඳහා කැෂ්වැගන් ආයතනය ශ්‍රී ලංකා සයිබර් අපරාධ පොලිසිය සමඟ සමීපව කටයුතු කරනු ලබනවා. කෑෂ්වැගන් හි පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කාර්යක් ලෙස සලකන බැවින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සමාගම විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා.

වංචාකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම.
Related image

විශ්වාසවන්ත, ස්ථාවර හවුල්කරුවෙකු වීමට අපේක්ෂා කරන කැෂ්වැගන් සිය ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීමට සහ ඔවුන් වංචනිකයන් හා ගනුදෙනු කිරීම වැළක්වීම සඳහා ශක්තිමත් ලෙස ක්‍රියා කරනු ලබනවා. ණයකරුවෙක් විසින් හිතාමතාම ණය ගෙවීම පැහැර හරින විට සහ එවැනි ණයකරුවෙක් විසින් වංචා කිරීමේ වරදක් සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 398 වන වගන්තිය යටතේ අපරාධ නඩුවක් සඳහා වගකිව යුතු වනවා. මුදලේ ප්‍රමාණය කෙතරම් කුඩා වුවත් එය නිතිය ඉදිරියට ගෙන ආ යුතුයග පොලිස් බලධාරීන් සමග සමීප සහයෝගිතාවය සහ නියාමන අවශ්‍යතා සහ අනුකූලතාවයන් දැඩි ලෙස පිළිපැදීමෙන් මිද්දෙනිය ප්‍රදේශයේ අපරාධකරුවන් සහ වංචනික කණ්ඩායමක් මගින් සිදු කල වංචනික ක්‍රියා කිහිපයක් හඳුනාගෙන නිතිය ඉදිරියට පමුනවන්නට කෑෂ්වැගන් ආයතනයට හැකියාව ලැබී තිබෙනවා.

“තාක්ෂණික මුල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහතික කිරීම සහ අපගේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අප සයිබර් අපරාධ පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු” යනුවෙන් සමිල ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.