කාබන් බද්ද ඉවත් කිරීමේ තීරණයක්

මෝටර් රථ සඳහා අයකරන කාබන් බද්ද අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.කාබන් බද්ද අහෝසි කිරීමේ යෝජනාව ලබන බදාදා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් ඇමැති මංගල සමරවීර කොළඹ මුදල් අමාත්‍යාංශයේ ඊයේ 17 පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ලබාදී ඇති පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙස එම පියවර ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටියේ.

අයවැය යෝජනාවකට අනුව ඉකුත් ජනවාරි මාසයේ සිට කාබන් බද්දක් හඳුන්වාදීමට රජය පියවර ගනු ලැබුවා.

කාබන් බද්ද වසර 5 ට අඩු , වසර 5 – 10 දක්වා සහ වසර 10 ට වැඩියෙන් භාවිත කළ වාහන සඳහා කාණ්ඩ තුනක් යටතේ එලෙස කාබන් බද්ද පැනවීමට රජය කටයුතු කරනු ලැබුවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න