අපේක්‍ෂා රෝහලට ලීනියර් ඇක්සලේටර් යන්ත‍්‍රයක් මිලට ගන්න අවබෝධතා ගිවිසුමක්.

0
132

පිළිකා රෝගීන් හට වැඩි ආයු කාලයක් හිමි කර දීමේ අරමුණින් Fight Cancer Team ආරම්භ කළ දෙවන සමාජ සත්කාර්ය වන කෝටි 100ක් වටිනා ලීනියර් ඇක්සලේටර් යන්ත‍්‍රය සහ ටෝමො තෙරපි යන්න්ත‍්‍රය මිළට ගැනීමේ ව්‍යාපෘතිය Fight Cancer Team කණ්ඩායම තනිව සිදු කරන ව්‍යාපෘතියක් නොව සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමෙන් අනතුරුව සිදු කරන ව්‍යාපෘතියක් බව එම කණ්ඩායම පවසනවා.

අපේක්‍ෂා රෝහලට කෝටි 10 ක ස්කෑන් යන්ත‍‍්‍රයක් ගන්න මුදල් එකතු කිරීමේ ජාවාරමක් මැයෙන් ඊයේ ජාතික පුවත්පතක පළව තිබූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් Fight Cancer Team කණ්ඩායම මේ බව පවසනවා.

ඔවුන් විසින් එවන් ලද කරුණු පැහැදිලි කිරීමේ මෙසේද සඳහන් වනවා.

එම සත්කාර්ය හරහා අදාල යන්ත‍්‍ර මිලට ගෙන මහරගම පිළීකා රෝහලේ ස්ථාපිත කළ පසුව ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් සිදු කළ යුතු ස්කෑන් සේවාවන් දුප්පත් අසරණ රෝගීන් හට නොමිලේ සිදු කර ගැනීමට වරම් උදා වෙයි. නමුත් එයින් පාඩු ලබන පිරිසක්ද එම රෝහලේම විසීම අවාසනාවකි. පුද්ගලික අංශයේ රෝහල්වල ලක්ෂ කෝටි ගණනින් ගෙවා ප‍්‍රතිකර්ම හා ස්කෑන්ස් සිදු කර ගැනීමට දුප්පත් රෝගීන් තල්ලූ‍ කරන වෛද්‍ය හොරුන් හට පුද්ගලික රෝහල් හරහා විශාල කොමිස් මුදල් ගලා එන අතර දුප්පත් මහජන හිත සුව පිණීස කෙරෙන මෙවැනි සමාජ සත්කාර ඔවුනට නයාට අදු කොල වැනිය. ඒවා අඩපණ කිරීමට මාධ්‍යවේදීන්ට මුදල් පවා ලබා දෙමින් ඔවුන් ගන්නා උත්සහයන් නිමක් නැත.

වාර්තා කර ඇති පුවත හුදු සාවද්‍ය ප‍්‍රකාශයක් පමණක් ලෙසින් දැක්වෙන අතර එම සත්කාර්ය ජාවාරමක් ලෙස අර්ථකථනය කිරීමට හේතු සාධක මොනවාද, අදහස් පළ කළා යැයි කියන රෝහල් ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ නිවැරදි නම් ගම්, ප‍්‍රකාශය ලබා දුන් දින වකවානු හෝ ජාවාරමක් බවට සැකයක් පහළ කිරීමට තරම්වත් ලද සාක්ෂිය ප‍්‍රවෘතියේ සදහන්ව නැත.

කාගේ හෝ පුද්ගලික වුවමනාවක් සංසිදුවා ගැනීමට ජීවිතයත් මරණයත් අතර දිවි ගෙවන අහිංසක රෝගීන්ගේ ජීවිත ලංසුවට නොතබා ගෞරවනීය මාධ්‍ය කලාවක් රැක ගැනීම වෙනුවෙන් මෙහි සත්‍ය තත්ත්වය පැහැදිලි කර වාර්තා කරන මෙන් Fight Cancer Team අප කාරුණිකව ඉල්ලා සිටිමු.

ගිණුම් විස්තර : #NHD Fund -Apeksha Cancer Hospital නමින් , මහරගම පිළිකාරෝහල වෙනුවෙන්, මහරගම

ලංකා_බැංකු ශාඛාවේ ඇති ගිණුම්_අංක_71275069 දරණ ගිණුම

ගිණුම සම්බන්ධ ඕනෑම තොරතුරක් පිළිකා රෝහලේ ගිණුම භාරව සිටින ගණකාධිකාරිවරිය සම්බන්ධ කොට ඔබට ලබා ගත හැකියි.

මෙම ගිණුම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මහරගම පිළිකා රෝහල වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන ගිණුමයි. එය ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ පවත්වාගෙන යනු ලබන්නේද එහෙයිනි. එසේම එය පාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසිනි. රජයේ රෝහල් ගිණුම් සියල්ල අයත් වනුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයටය. රෝහලේ කිසිවෙකුට එහි මුදල් හිතුමතේට ගැනීමට කිසිසේත් නොහැකි වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අදාල ක‍්‍රියාපටිපාටි වලට අනුගත විය යුතුය.

2019 අප්‍රෙල් 01 වැනිදා Fight Cancer Team සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර මේ සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණි. ඒ පිළිකා රෝහල වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවත්වාගෙන යන රජයේ ගිණුමට මුදල් බැර කිරීමේ එකගතාව මත මෙම සත්කාරය සිදු කිරීමේ අරමුණ පෙරදැරිවය. අරමුදල් රැුස් කිරීම සදහා එම ගිණුම් අංකය යොදා ගනු ලබන්නේ කිසිසේත් රජයේ ඉල්ලීමකට අනුව නොව ත්‍සටයඑ ක්‍්බජැර ඔැ්ප මෙම සත්කාර්්‍යයේ විනිවිද භාවය රැුක ගැනීම සදහා ගත් තීරණයක් මතයි.

පෙරදී කළ ප‍්‍රථම ව්‍යාපෘතියට අදාල PET Scaner යන්ත‍්‍රය වෙනුවෙන් මහජන මුදල් එක්‍ රැස් කරන ලද්දේද එම රජයේ ගිණුමටමය.