> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# මාලිමාවේ සභාපති පහර දී ව්‍යාපාරිකයෙකු රෝහලේ
- URL: https://www.citizen.lk/businessman-hospitalized-after-being-attacked-by-npp-chairman/
- Published: 2025-12-30T07:17:08.000Z
- Updated: 2025-12-30T07:17:08.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

නාවලපිටිය, ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් තමන්ට පහර දුන් බවට ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් අදාළ ව්‍යාපාරිකයා සඳහන් කර ඇත්තේ, පසුගිය 28 වැනිදා රාත්‍රී 11.30 ට පමණ සිය වෙළඳසැල වසා නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූ බවයි.

දේශපාලන කාරණාවක් මුල් කරගනිමින් ඇති වූ බහින්බස් වීමක් අවසානයේ, සභාපතිවරයා ඇතුළු පිරිසක් තම මග අවහිර කර පහර දුන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

තුවාල ලැබූ පුද්ගලයා මුලින් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා සභාපති ඉන්දික ගුණසේකර සඳහන් කරන්නේ, තමන් කිසිදු පහරදීමකට සම්බන්ධ නොවූ බවත්, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි.