රට පුරා බස් ධාවනයෙන් ඉවත්වන දිනයක් ගැන අනතුරු අඟවයි.

0
60

දඩ නීති සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ සාකච්ඡාවෙමින් පවතින අවස්ථාවකදී පසුගිය සිකුරාදා පාර්ලිමේනතුවේදී දඩ මුදල් පිළිබඳ පනත රජය සම්මත කරගත් බවත් අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ නොකර දඩ නීති ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළහොත් එදිනට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට කටයුතුකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම‍යේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

නීති හා දඩ පැනවීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නැති බවත් නමුත් දිනකට මාර්ග අනතුරුවලින් පදිකයින්, යතුරුපැදිකරුවන් ඇතුලු 8 දෙනෙකු පමණ මියයන බවත් පැවසූ විජේරත්න මහතා රිය අනතුරු අවම කිරීම අනිවාර්්‍යයන් සිදු කළ යුතු බවද ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here