> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# බස් ධාවනය අඩාළයි
- URL: https://www.citizen.lk/bus-service-disrupted/
- Published: 2026-03-23T05:12:12.000Z
- Updated: 2026-03-23T05:31:44.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 23 (Citizen.lk News)- පොෟද්ගලික බස් සංගම් කිහිපයක් විසින් බස් ගාස්තු සංශෝධනය වන තෙක් බස් ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග අද (23) උදෑසන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව මගීන් දැඩි දුශ්කරතාවට පත්ව තිබෙනවා.

ඒ අනුව ඊයේ (22) දිනයේම බස් ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස බස් සංගම් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද එය ඉටු නොවීම හේතුවෙන් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර අද දිනයේදී බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් අනුමැතිය හිමිවීමට සහ නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව ඇත.

කෙසේ නමුත් නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන තෙක් බස් ධාවනයෙන් ඉවත් වීමට තමන් කටයුතු කරන බව බස් සංගම් සඳහන් කර තිබෙනවා.