> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ජූලි 6 සිට බස් ගාස්තු ඉහළට
- URL: https://www.citizen.lk/bus-fares-to-increase-from-july-6/
- Published: 2026-07-01T15:04:27.000Z
- Updated: 2026-07-01T15:05:17.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

​July 01 (Citizen News) - ජූලි 6 වන දින සිට අවම පෞද්ගලික බස් ගාස්තුව ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එකඟ වී තිබෙනවා. 

ඒ අනුව අවම පෞද්ගලික බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා වැඩි කරන බව LPBOA සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර තිබෙනවා.

කිලෝමීටර 100 දක්වා ගමන් සඳහා ගාස්තු 12% කින් වැඩි කිරීමත්, කිලෝමීටර 100 ඉක්මවන ගමන් සඳහා වන ගාස්තු 20% කින් වැඩි කිරීමටත් එකඟ වූ බවයි වාර්තා වන්නේ.

තවද සුඛෝපභෝගී බස් සේවා සඳහා, කිලෝමීටර 100 ට අඩු ගමනාන්ත සඳහා වූ බස් ගාස්තු 12% කින් සහ කිලෝමීටර 100 ට වැඩි ගමනාන්ත සඳහා 15% කින්ද වැඩි කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.