හදවත් රෝගී තත්වයක් හේතුවෙන් බ්‍රයන් ලාරා රෝහල් ගත කරයි.

සුපිරි ක්‍රිකට් පිතිකරුවෙක් වන බ්‍රයන් ලාරාට හදිසියේම හෘදයාබාධයක් ඇති වී වූ බව වාර්තා වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා වන 50 හැවිරිදි බ්‍රයන් ලාරාට මෙලෙස ඇති වූ අසනීප තත්වය හේතුවෙන් මුම්බායි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම “බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාවේ අප සියලු දෙනා වෙනුවෙන්, ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු” යනුවෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කරමින් ලාරාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කර තිබුණා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න