බ්‍රෙන්ඩන් ක්‍රිකට් පිටියට සමු දෙයි.

0
33

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

කැනඩාවේ පැවැත්වෙන විස්සයි 20 තරඟයෙන් අනතුරුව ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබුණේ.

ටෙස්ට් තරඟ 101කට ,එක්දින ජාත්‍යන්තර තරඟ 260කට සහ විස්සයි 20 තරඟ 71කට සහභාගී වීමට බ්‍රෙන්ඩන් මැකලම්ට හැකි වුණා.

2015 වසරේදී මොහු ටෙස්ට් සහ එක්දින තරඟවලින් සමුගත් අතර පසුව ප්‍රාන්ත තරඟ සඳහා පමණක් ක්‍රීඩා කළා.

“වසර 20ක වෘත්තිය ක්‍රිකට් ජිවිතය තුල තමන් ලබාගත් දේ පිළිබඳව ආඩම්බර වන බව” බ්‍රෙන්ඩන් වැඩිදුරටත් සඳහන් කර තිබුණා.